මුඛ ආවරණ පැලඳිය යුතුද සහ සති කිහිපයකින් පාසල් නැවත විවෘත කළ යුතුද යන්න පිළිබඳව ඇමෙරිකානුවන් දේශපාලනමය ගැටුම් ඇති කරගනිමින් සිටින පසුබිමක, එක්සත් ජනපදයෙන් දෙවැනි වරටත් දෛනික කොවිඩ්-19 වෛරස් ආසාදිතයන් 70,000කට වඩා වාර්තා කර තිබේ.
ගෙවීගිය බ්‍රහස්පතින්දා වාර්තා වූ 77,000කට වැඩි වාර්තාගත ඉහළ යාමකින් පසු, සිකුරාදා දිනයන් අවම වශයෙන් 71,000 ඉක්මවා ආසාදිතයන් ඉහළ ගොස් තිබේ.
සිකුරාදා එක්සත් ජනපදයේ මරණ අවම වශයෙන් 912කින් ඉහළ ගොස් ඇති අතර, එය මරණ සංඛ්‍යාව 900කට වඩා අඛණ්ඩව ඉහළ ගිය සිව්වැනි දිනය බව කියයි.
ඒ අනුව මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 140,119ක් ලෙස වාර්තා වන අතර, සමස්ත ආසාදිත අගය 3,711,297ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.