ඇමෙරිකාවේ කොවිඩ් මරණ 120,000ක් අභියසට පැමිණෙයි


ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 ආශ්‍රිත මරණ සංඛ්‍යාව 120,000 අභියසට පැමිණ ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව අද (21දා) අලුයම වනවිට එම අගය දැක්වුණේ ආසාදිත මරණ 119,654ක් වශයෙනි.

එමෙන්ම එක්සත් ජනපදයෙන් වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාවද ලක්ෂ 22.5ක් ඉක්මවා ඉහළ ගොස් ඇති අතර, එම අගය අද (21දා) අලුයම දැක්වුණේ 2,251,205ක් වශයෙනි.

මේ අතර ඇමෙරිකාවේ වෛරසය ආසාදිතව මේ වනවිට සම්පූර්ණ සුවය ලබා ඇති පිරිස 617,460ක් දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles