ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන කොවිඩ්-19 වෛරසය ආශ්‍රිත සමස්ත මරණ සංඛ්‍යාව 117,713ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව වැඩිම මරණ වාර්තා වන ප්‍රාන්තය නිව්යෝක් ප්‍රාන්තයයි. එහි මරණ 31,000කට ආසන්න වන අතර, නිව් ජර්සි මරණ 12,835ක්, මැසචුසෙට්ස් මරණ 7,733ක්, ඉලිනොයිස් මරණ 6,485ක්. පෙන්සිල්වේනියා මරණ 6,319ක්, මිචිගන් මරණ 6,036ක් සහ කැලිෆෝනියා මරණ 5,272ක් ආදී වශයෙන් වාර්තා වෙයි.
මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන සමස්ත කොවිඩ්-19 ආසාදිත අගය 2,162,785ක් බවද දත්ත වාර්තා පෙන්වා දෙයි.
එසේම වෛරසය ආසාදිතව මේ දක්වා සුවය ලබා ඇති සමස්ත ඇමෙරිකානුවන් පිරිස 592,191ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල සංඛ්‍යාලේඛන වැඩිදුරටත් පෙන්වා දෙයි.