ඇමෙරිකාවේ කොවිඩ් ආසාදිත පිරිස 300,000 ඉක්මවා ගිහින්


කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ ඇමෙරිකානුවන් පිරිස මේ වනවිට ලක්ෂ 3 ඉක්මවමින් 308,850ක් ලෙස වාර්තා වන බව ජෝන්ස් හෝප්කින්ස් දත්ත පෙන්වා දෙයි.

සෙනසුරාදා දිනයේ මරණ 1,224ක් වාර්තා වෙමින් දිනක වාර්තා වූ වැඩිම මරණ වාර්තා වූ අතර, සිකුරාදා දිනයේ මරණ 1,094ක් වාර්තා විය.

ඒ අනුව සමස්තයක් ලෙස ඇමෙරිකාවේ කොවිඩ්-19 ආසාදිත මරණ 8,376ක් මේ වනවිට වාර්තා වන බව ජෝන්ස් හොප්කින්ස් දත්ත පවසයි.

එරට කොවිඩ්-19 ආසාදිත පිරිස ලක්ෂ 3 සීමාව ඉක්මවා යනවිට ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා සිටියේ තම රටට තවත් බොහෝ කොවිඩ්-19 මරණ බලාපොරොත්තු වීමට සිදුව ඇති බවයි.

ඇමෙරිකාව තුළ මේ දක්වා කොවිඩ්-19 මරණයක් වාර්තා නොවන්නේ එක් ප්‍රාන්තයකින් පමණි. ඒ වයෝමිං ප්‍රාන්තයයි.



Recommended Articles