ඇමෙරිකාවේ කොවිඩ්-19 රෝගීන් 600,000 ඉක්මවයි


ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිතයන් ලක්ෂ 6ක් ඉක්මවා, මේ වනවිට ආසාදිතයන්  605,193ක් වාර්තා වෙයි.

‍ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙන පරිදි එරට වෛරසය ආසාදිතයන් 25,757ක් මේ වනවිට ජීවිතක්ෂයට පත්ව තිබේ.

වැඩිම මරණ නිව්යෝක් නගරයෙන් වාර්තා වන අතර, එම අගය 8,000කට ආසන්න වෙමින් 7,905ක් ලෙස දැක්වෙයි.

නව කොරෝනා වෛරසය ආසාදිතව රෝහල්ගත වී මේ වනවිට සුවය ලබා නිවෙස් වෙත ගොස් ඇති ඇමෙරිකානුවන් සංඛ්‍යාව 47,763කි.

එමෙන්ම ජෝන්ස් හොප්කින්ස් දත්තවලට අනුව ඇමෙරිකානුවන් 3,081,620කට අධික පිරිසක් මේ වනවිට කොවිඩ්-19 පරීක්ෂණයට බඳුන් කර තිබේ.



Recommended Articles