ඇමෙරිකාවේ කොවිඩ්-19 මරණ 84,000 ඉක්මවා යයි


ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආශ්‍රිත මරණ 84,059ක් ලෙස අද (14දා) අලුයම වාර්තා විය.

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,389,935ක් ලෙස සටහන්ව තිබේ.

ඇමෙරිකානු ප්‍රාන්තවලින් වැඩිම මරණ වාර්තා වීම නිව්යෝක් ප්‍රාන්තයෙනි. එම අගය දැක්වුණේ 27,477ක් ලෙසිනි.

එරට සමස්ත ආසාදිතයන්ගෙන් මෙතෙක් සුවය ලබා ඇති පිරිස 243,430ක් ලෙස ජෝන්ස් හෝප්කින්ස් විශ්වවිද්‍යාලය වැඩිදුරටත් පවසයි.



Recommended Articles