ඇමෙරිකාවේ කොවිඩ්-19 මරණ 50,000 සීමාවට


ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 මරණ 50,000 සීමාවට ළඟා වී ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙයි.

අද (24දා) උදෑසන වනවිට එම අගය දැක්වුණේ 49,804ක් ලෙසිනි. එමෙන්ම මේ වනවිට එරට තුළ වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 867,459ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඇමෙරිකාවේ මේ දක්වා වෛරසය ආසාදනය වීමෙන් සුවය ලබා නිවෙස් වෙත ගොස් ඇති පිරිස 80,000කට වැඩි බවද සඳහන් වෙයි.

මේ අතර, ඇමෙරිකාව කොවිඩ්-19 පරීක්ෂාවන් 4,660,250ක් මේ වනවිට සම්පූර්ණ කර ඇති බවද එම දත්ත පෙන්වා දෙයි.



Recommended Articles