ඇමෙරිකා එක්සත් ජනපදය තුළ කොවිඩ්-19 ආසාදිත මරණ 22,000ක් ඉක්මවා යමින් මේ වනවිට 22,023ක් ලෙස වාර්තා වෙයි.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව එරට තුළ නව කොරෝනා ආසාදිතයන් 555,398ක් ලෙස වාර්තා වෙයි.
ඇමෙරිකාවෙන් වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ නිව්යෝක් නගරයෙන් වන අතර, එම අගය 6,898කි.
වෛරසය ආසාදනය වීමෙන් රෝහල්ගතව සම්පූර්ණ සුවය ලබා ඇති ඇමෙරිකානුවන් 32,988ක් ලෙස වාර්තා වෙයි.
එමෙන්ම ඇමෙරිකාව මේ වනවිට එරට තුළ 2,805,892 දෙනෙකු කොවිඩ්-19 පරීක්ෂණයට බඳුන් කර තිබේ.