ඇමෙරිකාවේ කොවිඩ්-19 මරණ 120,000 ඉක්මවයි


ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආශ්‍රිතව සිදුව ඇති මරණ සංඛ්‍යාව 120,000 ඉක්මවා ගොස් තිබේ.

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව එම අගය අද (23දා) අලුයම දැක්වුණේ 120,393ක් ලෙසිනි.

ඇමෙරිකාවේ මරණවලින් වැඩිම අගය නිව්යෝක් ප්‍රාන්තයෙන් වාර්තා වන අතර එය 31,176කි. එය සාමාන්‍යයෙන් ලොව රාජ්‍යයන් තුළින් වාර්තා වන වැඩිම මරණ ලැයිස්තුව හා සැසඳීමේදීද පස්වැනි ස්ථානයට පත්වන තරම් විශාල මරණ සංඛ්‍යාවකි.

මේ වනවිට නිව්යෝක් ප්‍රාන්තයේ මරණවල යම් අඩුවක් පැවතියත් සෙසු ප්‍රාන්තවල ආසාදිතයන් හා මරණ වැඩිවෙමින් පවතින බව දත්ත වාර්තා පෙන්වා දෙයි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 සමස්ත ආසාදිත අගය 2,310,798ක් වන අතර, වෛරසය ආසාදිතව සුවය ලැබූ පිරිස 640,198ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත වැඩිදුරටත් සඳහන් කරයි.



Recommended Articles