ඇමෙරිකාවේ කොවිඩ්-19 මරණ 110,000 පසුකරයි


ඇමෙරිකා එක්සත් ජනපදයේ නව කොරෝනා හෙවත් කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 110,000 සීමාව පසුකර තිබේ.

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව අද (08දා) උදෑසන වනවිට එරට මරණ සංඛ්‍යාව වාර්තා වූයේ 110,481ක් ලෙසිනි.

එමෙන්ම ඇමෙරිකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාවද මිලියන 2ක සීමාවට පැමිණෙමින් තිබේ.

ඒ අනුව අද උදෑසන එම දත්ත දැක්වුණේ 1,938,931ක් වශයෙනි. මේ අතර ඇමෙරිකාවේ වෛරසය ආසාදිතව සුවය ලැබූවන් ලක්ෂ 5ක් ඉක්මවා ඇති අතර, එම අගය 506,367ක් ලෙස ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය අද උදෑසන වාර්තා කළේය.



Recommended Articles