ඇමෙරිකාවේ කොවිඩ්-19 මරණ 700,000 ඉක්මවයි


එක්සත් ජනපදය සිකුරාදා කොරෝනා වෛරසය ආශ්‍රිත මරණ 700,000ක් ඉක්මවා ඇති අතර, වැඩිහිටියන් සහ අධි අවදානම් සහිත වෘත්තීන්හි නියුතු පුද්ගලයින් ආරක්ෂා කිරීම සඳහා නිලධාරීන් බූස්ටර් එන්නත්කරණය අරඹන වනවිට මෙම සංධිස්ථානය ඇමෙරිකාව පසු කරයි.

පසුගිය සතිය තුළ රට තුළ සාමාන්‍යයෙන් දිනකට 2,000කට අධික මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, එය ජනවාරියේ සිදුවූ මරණ සංඛ්‍යාවෙන් 60%ක් පමණ වන බව මහජන සෞඛ්‍ය දත්ත පිළිබඳ විශ්ලේෂණයකින් හෙළි වී තිබේ.

එම වාර්තා අනුව සියලුම ආසාදන හා මරණවලින් 19%ක් සහ 14%ක් වාර්තා කරමින් එක්සත් ජනපදය තවමත් කොවිඩ්-19 රෝගීන් හා මරණවලින් ලොව ඉදිරියෙන්ම සිටී. ගෝලීය වශයෙන් වසංගතය මරණ මිලියන 5ක් ඉක්මවීමට නියමිත ය.



Recommended Articles