එක්සත් ජනපදයේ අත්හදා බැලූ ප්‍රථම කොවිඩ්-19 එන්නත විද්‍යාඥයන් බලාපොරොත්තු වූ ආකාරයටම මිනිසුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය යථාතත්වයට පත් කළ බව පර්යේෂකයන් වාර්තා කරයි.
"ඔබ මේ පුවත කුමන ආකාරයෙන් සැලකුවත්, මෙය ශුභ ආරංචියක්" යැයි එක්සත් ජනපද රජයේ බෝවන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඇන්තනි ෆවුසි ඒපී ප්‍රවෘත්ති ඒජන්සියට පැවසීය.
ජාතික සෞඛ්‍ය හා මෝඩර්නා ඉන්කෝපරේෂන් හි ෆවුසිගේ සගයන් විසින් සකස් කරන ලද පර්යේෂණාත්මක එන්නත ජූලි 27දා වනවිට එහි වැදගත්ම පියවර ආරම්භ කිරීමට නියමිතව තිබේ. ඒ අනුව නව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට තරම් මෙය සැබවින්ම ශක්තිමත් දැයි සනාථ කිරීම සඳහා පුද්ගලයන් 30,000ක් යොදාගත් අධ්‍යයනයක් සිදුවනු ඇත.
නමුත් අඟහරුවාදා, පර්යේෂකයන් වාර්තා කළේ මාර්තු මාසයේදී මෙම එන්නත අත්හදා බැලීම සඳහා මුලින්ම ඉදිරිපත් වූ පළමු ස්වේච්ඡා කණ්ඩායමේ 45 දෙනා පිළිබඳවද උනන්දුවෙන් බලා සිටි බවයි. ඒ අනුව එන්නත මගින් ප්‍රතිශක්තිකරණ ශක්තියක් ලබාදෙනු ඇති බවට බලාපොරොත්තුවක් ඇති කළ බව ඔවුන් කියයි.
එම මුල් ස්වේච්ඡා කණ්ඩායම විසින් ඔවුන්ගේ රුධිර ප්‍රවාහයේ ආසාදන වැළැක්වීමට අත්‍යවශ්‍ය වූ ප්‍රතිදේහ නිෂ්පාදනය කර තිබුණු අතර, ඒවා COVID-19 වලින් දිවි ගලවා ගත් පුද්ගලයින් හා සැසඳිය හැකි මට්ටමින් වූ බව පර්යේෂක කණ්ඩායම නිව් ඉන්ග්ලන්ඩ් වෛද්‍ය සඟරාවේ වාර්තා කර තිබේ.
කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙතෙක් නව කොරෝනා වෛරසය තුරන් කළ හැකි එන්නතක් පිළිබඳ තහවුරු කිරීමක් සිදුකර නොමැති අතර, ලොව පුරා රටවල් රැසක විවිධ මට්ටමින් මේ පිළිබඳ පර්යේෂණ හා අධ්‍යයනයන් රැසක් සිදුවෙමින් පවතී.