ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 හෙවත් නව කොරෝනා ආසාදිතයන් 3,010ක් වාර්තා වන බව එරට රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන පවසයි.
ඒ අතර එක්සත් ජනපදයට නැවත ගෙන්වාගත් පුද්ගලයන් අතර ආසාදිතයන් 70ක් සිටින අතර, එක්සත් ජනපදයේ මහජන සෞඛ්‍ය පද්ධති මගින් හඳුනාගෙන පරීක්ෂාවට ලක් කරන ලද රෝගීන් සංඛ්‍යාවට අනුව, ප්‍රාන්ත 49ක රෝගීන් 2,940 ක් වාර්තා වී ඇත. ඒ අනුව එක්සත් ජනපදයේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3,010 දක්වා ගෙන එයි.
එමෙන්ම සමස්තයක් ලෙස එක්සත් ජනපදයේ පුද්ගලයින් 61 දෙනෙකු වෛරසය ආසාදනය වීමෙන් මේ වනවිට ජීවිතක්ෂයට පපත්ව ඇති අතර, කොරෝනා රෝගයක් වාර්තා නොවූ එකම ප්‍රාන්තය බවට බටහිර වර්ජිනියා පත්ව තිබේ.