ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත වූවන් සංඛ්‍යාව ලක්ෂ 25 සීමාව ඉක්මවා තිබේ.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව අද (28දා) උදෑසන එම අගය දැක්වුණේ 2,507,930ක් ලෙසිනි.
ගෙවීගිය සෙනසුරාදා ජෝන්ස් හොප්කින්ස් විසින් නව ආසාදිතයන් 32,865ක් සහ මරණ 395ක් වාර්තා කර තිබුණි
ඒ අනුව ඇමෙරිකාවේ කොවිඩ්-19 වෛරසය ආශ්‍රිතව සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාවද මේ වනවිට 125,504ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ගෙවීගිය සතියකට වැඩි කාලය තුළ ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ප්‍රාන්ත රැසක නව ආසාදිතයන්ගේ වර්ධනයක් දැකිය හැකි අතර, නව යෞවනයන් වැඩි වශයෙන් වෛරසයට ගොදුවීමක් හා ඔවුන් හරහා දුර්වල පාර්ශ්ව වෙත වෛරසය ගලායෑමේ අවදානමක් ගැන එරට සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවා තිබුණි.
නියමිත සෞඛ්‍යාරක්ෂණ විධි භාවිත නොකරන ඇමෙරිකානු නායකයා මෙන්ම, ඔහුගේ අනුගාමිකයන්ද මහජන රැලිවලදීද දැඩි අවදානමකට ලක්වූ අතර, එරට පැවති බ්ලැක් ලයිව්ස් මැටර් උද්ඝෝෂණ මාලාවද වෛරසය දෙවැනි රැල්ලක් කරා යාමට වැඩි රුකුලක් ලබාදී තිබේ.