ඇමෙරිකාවේ අවංකභාවය ගැන උ.කොරියා ප්‍රශ්න කරයි


උතුරු කොරියාව මෑතකදී සිදුකළ මිසයිල අත්හදා බැලීම්වලට දැඩි ප්‍රතිචාරයක් නොදක්වා, එක්සත් ජනපදය කොන්දේසි විරහිතව උතුරු කොරියාව හමුවීමට එරට නියෝජිතයෙකු නැවත නැවතත් ඉදිරිපත් කිරීමේ සැබෑ අභිප්‍රාය හා ඔවුන්ගේ අවංකභාවය ගැන උතුරු කොරියාව ප්‍රශ්න කරයි.

එහිදී එක්සත් ජනපදය, දකුණු කොරියාව සහ එක්සත් ජාතීන් සතුරු ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට සහ දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බවට චෝදනා කරන උතුරු කොරියාව, තම අවි ආයුධ අත්හදා බැලීම්වල අරමුණ සෙසු රටවල් මෙන්ම තම ආරක්ෂක හැකියාවන් ඉහළ නැංවීම බව ප්යොන්යැන්ග් පාලනය පසුගිය සති කිහිපය තුළ අවධාරණය කළේය.

කෙසේ වෙතත් උතුරු කොරියාව සිය න්‍යෂ්ටික හා මිසයිල වැඩසටහන් සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික බලපෑම් සහ ජාත්‍යන්තර සම්බාධක මධ්‍යයේ හමුදා ක්‍රියාකාරකම් ඉදිරියට ගෙන යමින් සබ්මැරීනයකින් නව බැලස්ටික් මිසයිලයක් අඟහරුවාදා අත්හදා බැලීය. එය මෑත කාලයේදී දුම්රියක සිට එල්ල කරන ලද මිසයිල ප්‍රහාරය ඇතුළු මිසයිල අත්හදා බැලීම් රැසක තවත් සාර්ථක අත්හදා බැලීමක් බව උතුරු කොරියාව පැවසීය.



Recommended Articles