එක්සත් ජනපදයේ සිට චීනයට ආපසු පැමිණි කාන්තාවක් නව කොරෝනා වෛරසය රැගෙන පැමිණ ඇති අතර, පසුව ඇය නිසා අවම වශයෙන් චීනයේ පුද්ගලයන් 71 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව හෙළිවෙයි.
ඇයගෙන් මෙම වෛරසය සම්ප්‍රේෂණය වීම ආරම්භ වී ඇත්තේ සෝපානයකින් බව රෝග පාලන හා වැළැක්වීම පිළිබඳ චීන මධ්‍යස්ථාන සඟරාවේ නැගී එන බෝවෙන රෝග පිළිබඳ වාර්තාවක සඳහන් වෙයි.
මාර්තු 19 වැනි දින එක්සත් ජනපදයේ සංචාරයක සිට මෙම කාන්තාව හයිලොංජියැන්ග් පළාතට ආපසු පැමිණි ඇත්තේ, එම පළාතේ අවසන් COVID-19 වෛරසය ආසාදිතයාද හඳුනාගෙන සතියකට පමණ පසුව ය.
කෙසේ වෙතත් ඇයට කිසිදු රෝග ලක්ෂණයක් නොතිබූ අතර කොරෝනා වෛරසය සඳහා සෘණාත්මක ලෙස පරීක්‍ෂා කළ නමුත් නිවසේදී නිරෝධායනය වීමට ඉල්ලා තිබුණි.
ඇය සමග පැහැදිලි සබඳතාවක් නැති පුද්ගලයෙකු හිටිහැටියේම ආඝාත තත්ත්වයක් ඇති වනතුරු කිසිවෙකු මේ පිළිබඳ සැක නොකළ අතර, මෙම කාන්තාවද මෙම පුද්ගලයා සිටි මහල් නිවාසයේම පදිංචිව සිට තිබේ.
එහිදී ඇය භාවිත කළ විදුලි සෝපානය භාවිත කිරීම නිසා මෙම පුද්ගලයාට වෛරසය ආසාදනය වී ඇති බව පසුව අනාවරණය විය. එමෙන්ම ඇය සිය මවටද වෛරසය ආසාදනය කර ඇත. ඔවුන් අසල්වාසියෙකුගේ සාදයකට යෑමෙන් ඔවුන්ටද ආසාදනය වී අවසානයේදී මෙම ආසාදිත ලැයිස්තුව 71ක් දක්වා වර්ධනය වී ඇත.
රෝග පාලනය හා නිවාරණය සඳහා වූ චීන මධ්‍යස්ථානය මෙම නව සම්ප්‍රේෂණය සොයාගත් වෛරසයේ ජාන සැකැස්ම පිළිබඳව සොයා බැලූ විට, එය චීනයේ මීට පෙර දැක ඇති සැකැස්මවල්වලට වඩා වෙනස් බව ඔවුන්ට පෙනී ගොස් ඇත. ආසාදිතයන් තුළ ඇති වෛරස් ජානමය වශයෙන් සමාන හෝ අවම වශයෙන් බොහෝ සමානකම් ඇති අතර වෛරසය ඇමෙරිකාවෙන් පැමිණි බව පසුව මේ සියලු සිද්ධි තහවුරු කරගැනීමෙන් ඔවුන් අවබෝධ කරගෙන ඇත.