ඇමෙරිකාවෙන් නොවැම්බර් මාසයේ ආසාදන මිලියන 3ක්


එක්සත් ජනපදය විසින් මේ මාසයේ නව කොවිඩ් -19 ආසාදිතයන් මිලියන තුනකට වඩා වාර්තා කර ඇති බව ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්ත පෙන්නුම් කරයි.

නොවැම්බර් මාසය තවම අවසන්ව නොමැති නිසා මෙම අගය මීට වඩා බොහෝ සෙයින් ඉහළ යාමේ අවදානමක්ද පවතින අතර, මෙය අතිශය සැලකිය යුතු තත්ත්වයක් බව සෞඛ්‍ය විශේෂඥයෝ අනතුරු අඟවති.

එක්සත් ජනපදයේ මසකට මෙතෙක් වාර්තා වූ ආසාදන මෙසේය.

නොවැම්බර් - 3,002,082 (22දා දහවල් වනවිට)

ඔක්තෝබර් - 1,910,668

සැප්තැම්බර් - 1,200,315

අගෝස්තු : 1,462,797

ජූලි - 1,921,461

ජුනි - 834,309

මැයි - 718,241

අප්‍රේල් - 884,026

මාර්තු - 192,152



Recommended Articles