එක්සත් ජනපදයේ කොරෝනා වෛරස ආසාදිතයන් 48,000කට වඩා වැඩි වී ඇති අතර, එය වසංගතය ආරම්භ වූදා සිට සිදු වූ විශාලතම දෛනික වැඩිවීම බව රොයිටර් පුවත් සේවය පවසයි.
එක්සත් ජනපද COVID-19 ආසාදන සංඛ්‍යාව පසුගිය සතිය තුළ ඉහළ ගොස් ඇති අතර, දෛනික සංඛ්‍යාලේඛන පසුගිය සතියේ කිහිප වතාවක් නව වාර්තා පිහිටුවා ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයද පවසයි.
ඇරිසෝනා, කැලිෆෝනියා, ෆ්ලොරිඩා සහ ටෙක්සාස් ප්‍රධානව ඇමෙරිකාවේ ප්‍රාන්ත 14ක ගෙවීගිය ජුනි මාසයේදී ඔවුන් වාර්තා කළ ආසාදිත අගය දෙගුණයක් කරගෙන ඇති බවද රොයිටර් විශ්ලේෂණයකට අනුව වාර්තා වී තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) බදාදා අනතුරු ඇඟවූයේ තවමත් පවතින නව කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා පවතින සෑම යාන්ත්‍රණයක්ම භාවිත කිරීමට අපොහොසත් වන ඕනෑම රටකට දිගු හා දැඩි සටනකට එලැඹීමට සිදුවන බවයි.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ දත්ත අනුව මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ්-19 මරණ සංඛයාව 128,044කි. එමෙන්ම සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2,684,416කි.