චීනයේ සැකකටයුතු සමාගම් 6ක් ඉලක්ක කරමින් එක්සත් ජනපදය විසින් චීනය වෙත නව සම්බාධක පැනවීමක් සිදුකර තිබේ.
ඇමෙරිකාවට ඉහළින් චීන සැකකටයුතු බැලූනයක් ගමන් කිරීමත්, එය ඇමෙරිකාව විසින් ප්‍රහාර එල්ල කර බිම හෙළීමත් සමග මෙම මතභේදාත්මක තත්ත්වය දෙරට අතර ඇතිවිය.
මෙම සම්බාධක සමග අදාල චීන සමාගම්වලට ඇමෙරිකානු තාක්ෂණය ලබාගැනීමේදී දැඩි අපහසුතා ඇතිවනු ඇති අතර, බීජිං නැන්ජිං එරෝස්පේස් ටෙක්නොලොජි සහ චයිනා ඉලෙක්ට්‍රොනික්ස් ටෙක්නොලොජි ගෘප් කෝපරේෂන් යන සමාගම්ද ඒ අතර පවතී.