එක්සත් ජනපද ෆෙඩරල් රජය වසර 16කට පසුව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බව එරට අධිකරණ දෙපාර්තමේන්තුව පවසයි.
එක්සත් ජනපද නීතිපති විලියම් බාර් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ වරදකරුවන් පස් දෙනෙකු මරණ දඬුවමට පමුණුවන ලෙස එරට බන්ධනාගාර කාර්යාංශයට නියෝග ලබාදුන් බවයි.
මෙසේ මරණ දඬුවමට නියම වූ පුද්ගලයන් පස් දෙනා මනුෂ්‍ය ඝාතන සහ ළමා හා ස්ත්‍රී දූෂණ චෝදනා ලැබූවන් බව කියැවෙයි.
ඒ අනුව, 2019 දෙසැම්බර් මාසයේදී සහ 2020 ජනවාරි මාසයේදී මෙම පුද්ගලයන් මරණ දඬුවමට පමුණුවන බව සඳහන් වෙයි.