එක්සත් ජනපද ගුවන් හමුදාව සඳුදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ශබ්දයේ වේගය මෙන් පස් ගුණයක වේගයෙන් පියාසර කළ හයිපර්සොනික් අවියක් සාර්ථක ලෙස අත්හදා බැලූ බවයි.
මෙම පරීක්ෂණය මැයි 14 වැනි දින දකුණු කැලිෆෝනියාවේ වෙරළට ඔබ්බෙන් සිදු කරන ලද අතර B-52 බෝම්බ හෙලන යානයක් සිට මෙම අවිය මුදාහරින ලද බවද සඳහන් කළේය.