ඇමෙරිකාව සෙලන්ස්කිගේ ඔත්තු බැලීමක් සිදුකරලා


ඇමෙරිකා එක්සත් ජනපදය යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්සිකි සම්බන්ධයෙන් ඔත්තු බැලීමක් සිදුකර ඇති බව මෑතකදී හෙළිවූ පෙන්ටගන් රහස්‍ය තොරතුරුවලින් කියැවේ.

අන්තර්ජාලය හරහා මුදාහැරුණු මෙම තොරතුරු යුක්රේන-රුසියානු යුද්ධය සම්බන්ධ අතිශය රහසිගත තොරතුරු වන අතර, දෛනිකව යුද බිමෙන් ලබාගත් තොරතුරුද ඒ අතර වන බව කියයි.

එහිදී, ඇමෙරිකාව විසින් තම මිතුරු පාර්ශ්වයේ සිටින යුක්රේන නායකයාගේද දුරකථන සංවාදවලට අදාළ සංඥා සම්බන්ධයෙන් ඔත්තු බැලීමක් සිදුකර ඇති අතර, මෙම සිදුවීම සම්බන්ධයෙන් යුක්රේන බලධාරීන් දැඩි කනස්සල්ලට පත්ව ඇති බවද කියයි.

කෙසේ වෙතත්, මේ ආකාරයෙන් පෙන්ටගනයේ අතිශය රහස්‍ය තොරතුරු අන්තර්ජාලය ඔස්සේ මුදාහැර තිබීම ගැන මේ වනවිටත් පරීක්ෂණයක් පැවැත්වෙන බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.



Recommended Articles