ඇමෙරිකාව සමග ඕනෑම ගැටුමකට සූදානම් - කිම්


උතුරු කොරියාවේ න්‍යෂ්ටික යුද ශක්තිය වැළැක්වීම වෙනුවෙන් සිදුකරන ඕනෑම බලමුලු ගැන්වීමකට සහ ඕනෑම එක්සත් ජනපද යුදමය ප්‍රකෝප කිරීමකටට එරෙහිව සටන් කිරීමට තම රජය සූදානම් බව කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී මහජන සමූහාණ්ඩුවේ නායක කිම් ජොන්ග්-උන් පවසයි.

කිම් මේ බව ප්‍රකාශ කළේ, ජුලි 27දා කොරියානු යුද සටන් විරාමයේ 69 වැනි සංවත්සරය නිමිත්තෙන් පැවති උත්සවයක් අමතමිනි.

ඔහුගේ නවතම අනතුරු ඇඟවීම් පැමිණෙන්නේ ප්යොන්යැන්ග් හි ආක්‍රමණය සඳහා පෙරහුරුවක් යැයි පවසමින්, දකුණු කොරියාව සහ එක්සත් ජනපදය ඒකාබද්ධ යුද අභ්‍යාස වේගවත් කිරීමට පියවර ගැනීමත් සමගිනි.

මෙම සතියේ, එක්සත් ජනපද හමුදාව 2019 සිට ප්‍රථම වතාවට දකුණු කොරියාවෙහි ස්ථානගත කර ඇති අධි තාක්ෂණයෙන් යුතු අපාචේ හෙලිකොප්ටර් භාවිත කරමින් සජීවී-වෙඩි අභ්‍යාස පැවැත්වීය.



Recommended Articles