ඇමෙරිකාව මිලියන 35.2කට කොවිඩ්-19 එන්නත් ලබාදීලා


ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන විසින් බ්‍රහස්පතින්දා ප්‍රකාශයට පත්කළ දත්තවලට අනුව එක්සත් ජනපදයේ කොවිඩ්-19 එන්නත මාත්‍රාව මිලියන 35.2 ක් පමණ දැනට ලබාදී තිබේ.

ඔවුන් වාර්තා කළේ මුළු මාත්‍රාවන් 35,203,710ක් පරිපාලනය කර ඇති අතර, බෙදා හරින ලද මාත්‍රාවන් 57,489,675 න් 61%ක් පමණ බෙදා දී ඇති බවයි.

එසේම එක්සත් ජනපද ජනගහනයෙන් 8.5%ක් හෙවත් මිලියන 28කට ආසන්න ජනතාවක් මේ වනවිට අවම වශයෙන් කොවිඩ් එන්නත් එක් මාත්‍රාවක්වත් ලබාගෙන ඇත. මිලියන 7කට ආසන්න පිරිසකට හෝ ජනගහනයෙන් 2%කට සම්පූර්ණයෙන්ම එන්නත් ලබා දී ඇති බවද එම දත්ත පෙන්වා දෙයි.

කෙසේ වෙතත් මේ වනවිට ලොව වැඩිම ආසාදිතයන් හා මරණ වාර්තා වන රට ලෙස අද (05දා) උදෑසන වනවිට එක්සත් ජනපදයේ කොවිඩ්-19 ආසාදිතයන්  26,671,333ක් සහ මරණ  455,555ක් වාර්තා වී තිබේ.



Recommended Articles