ඇමෙරිකාව බළලුන් ලවා කොස් ඇට බාවනවා - ඛාන්


වසර 20කට ආසන්න සටනකින් පසු ඇෆ්ගනිස්ථානය තුළ ඇතිකර දමා යන අවුලසහග තත්ත්වය තුළ පමණක් තම රට ප්‍රයෝජනවත් යැයි ඇමෙරිකා එක්සත් ජනපදය දකින්නේ යැයි පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් දැඩි චෝදනාවක් කරයි.

පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාගේ මෙම අදහස් පැමිණෙන්නේ කැරලිකරුවන් සහ ඇෆ්ගනිස්ථාන රජය අතර සාකච්ඡා ඇණහිටිමින්, එරට තුළ ප්‍රචණ්ඩත්වය තියුණු ලෙස උත්සන්න වී තලේබාන් සංවිධානය රටපුරා සිය බලය පතුරුවමින් සිටිද්දී, සාම සාම ගිවිසුමක් ඇති කර ගැනීම සඳහා තලේබාන් සංවිධානය මත බලපෑම් කරන ලෙස වොෂිංටනය පකිස්ථානයට බල කරමින් සිටින පසුබිමකය.

ඉස්ලාමාබාද්හි පිහිටි සිය නිවසේදී විදේශීය මාධ්‍යවේදීන් අමතමින් ඛාන් කියා සිටියේ, "පාකිස්තානය ප්‍රයෝජනවත් යැයි (ඇමෙරිකාව) සලකන්නේ වසර 20ක හමුදා විසඳුමක් සොයා ගැනීමට උත්සාහ කිරීමෙන් පසුව, එය අත්හැර දමා යමින් ඇතිවී තිබෙන අවුල කෙසේ හෝ සමථයකට පත් කිරීමේ සන්දර්භය තුළ පමණයි." යනුවෙනි.

2001 දී තලේබාන් රජය පෙරලා දශක දෙකකට ආසන්න කාලයකට පසුව එක්සත් ජනපදය ඔවුන්ගේ හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කරගැනීම ආරම්භ කළේය. නමුත්, එක්සත් ජනපදය ඉවත්වන විට, තලේබාන් සංවිධානය පෙර නොවූවිරූ ලෙස රටේ වැඩි භූමි ප්‍රමාණයක බලය අල්ලා ගනු ලැබිය.

මේ අතර එක්සත් ජනපද හමුදාව ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වීමෙන් පසු පකිස්ථානයේ කිසිදු ඇමෙරිකානු හමුදා කඳවුරක් අවශ්‍ය නොවන බව පාකිස්තානය ඉතා පැහැදිලිව පවසා ඇති බව ඛාන් පවසා තිබේ.



Recommended Articles