ඇමෙරිකාව නරක අදහසකින් හැසිරුණා - කිම් ජොන්ග්-උන්


වියට්නාමයේදී සිදුවූ ඇමෙරිකානු උතුරු කොරියානු හමුවේදී ඇමෙරිකාව නරක අදහසකින් හැසිරුණු බව කිම් ජොන්ග්-උන් චෝදනා කරයි.

උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් සහ රුසියානු නායක ව්ලැඩිමීර් පූටින් අතර රුසියාවේදී පැවති ඓතිහාසික හමුවේදී ඔහු මෙම අදහස් දක්වා තිබේ.

කිම් ජොන්ග්-උන් වැඩිදුරටත් පවසා ඇත්තේ කොරියානු අර්ධද්වීපයේ සාම ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම පාහේ වොෂිංටනය මත තීරණය වන බවයි.

ඇමෙරිකානු ජනපතිවරයා සමග වියට්නාමයේදී සිදුවූ දෙවැනි හමුව අසාර්ථක වීමෙන් පසු පැවති රුසියානු නායකයා සමග හමුව වඩාත් සාර්ථක බවද කිම් ජොන්ග්-උන් පවසයි.

එමෙන්ම, පූටින් වෙත උතුරු කොරියාවේ සංචාරයකට පැමිණෙන ලෙස කළ ඉල්ලීමද ඔහු භාරගෙන ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.



Recommended Articles