ඇමෙරිකා එක්සත් ජනපදය නව කොරෝනා වෛරසය පැතිරීම ආරම්භ වූ දිනයේ සිට දෛනිකව වාර්තා කළ වැඩිම ආසාදිත අගය පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ වාර්තා කර තිබේ.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව බ්‍රහස්පතිනිදා දිනයේ ඇමෙරිකාවෙන් කොවිඩ්-19 ආසාදිතයන් 39,972ක් වාර්තා විය.
එමෙන්ම මේ වනවිට වසංගතය පැතිර යන ඕනෑම ස්ථානයකට වඩා දෛනිකව නව කොරෝනා වෛරස ආසාදිතයන්ගෙන් වැඩිම සාමාන්‍ය අගයක්ද ඇමෙරිකාව වාර්තා කරයි.
ඒ අනුව දින 7ක චලනය වන සාමාන්‍ය ආසාදිත අගය 33,000ක් වූ අතර, මීට පෙර දෛනිකව උපරිම ආසාදිතයන් 31,630ක් වාර්තා වූයේ අප්‍රේල් 10 වැනිදාය.
මේ වනවිට ඇමෙරිකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිත අගය ලක්ෂ 25 සීමාවට පැමිණ ඇති අතර, එය ගෝලීය තත්ත්වය සමග සැසඳීමේදී හතරෙන් එකක අගයකි. එමෙන්ම එරට වෛරසය ආශ්‍රිත මරණ 125,000 ඉක්මවා තිබේ.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයට අනුව අද (27දා) උදෑසන ඇමෙරිකාවේ සමස්ත ආසාදිත අගය වාර්තා කර තිබුණේ 2,467,404ක් ලෙසිනි.
එරට කොවිඩ්-19 වෛරසය ආශ්‍රිතව සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 125,039ක් බව ජෝන්ස් හොපික්න්ස් විශ්වවිද්‍යාල දත්ත වැඩිදුරටත් පෙන්වා දෙයි.