පුද්ගලයෙකුගේ සිට තවත් පුද්ගලයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වීමේ පළමු වැනි එක්සත් ජනපද සිද්ධිය එරට සෞඛ්‍ය බලධාරීන් විසින් තහවුරු කර තිබේ.
චීනයේ වුහාන් වෙත සංචාරය කර පැමිණි සිය චිකාගෝවේ පදිංචි කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසුව, ඇයගේ ස්වාමි පුරුෂයාටද පසුව කොරෝනා ආසාදනය වී ඇති බව එරට සෞඛ්‍ය අංශ පවසයි.
ඒ අනුව මෙය එක්සත් ජනපදයෙන් වාර්තා වූ 6 වැනි කොරෝනා ආසාදනය වන අතර, අනෙක් පස් දෙනාම චීනයේ සිට එක්සත් ජනපදයට පැමිණී රෝගය ආසාදනය වී පැමිණි අයයි. ඒ අනුව නවතම ආසාදිතයා චීනයේ සංචාරය නොකළ අයෙකි.
චිකාගෝ කාන්තාව මධ්‍යම චීනයේ සිට ජනවාරි 13 වැනි දින ආපසු පැමිණ ඇති අතර, ඇය රෝග ලක්ෂණ සහිතව පසුගිය සතියේ රෝහලකට ඇතුළත් කර තිබුණි. අනතුරුව ඇයගේ සැමියාද රෝහල්ගත කෙරිණි. ඇය සහ ඇගේ සැමියා 60 හැවිරිදි වියේ පසුවෙති.