ඇමෙරිකාව තුළ උද්ධමනය දශක 4කට පසු ඉහළටම එයි


එක්සත් ජනපද පාරිභෝගික මිල දර්ශකය 2021 දෙසැම්බරයේ දැඩි ලෙස ඉහළ ගිය අතර, එරට උද්ධමනයේ වාර්ෂික වැඩිවීම දශක හතරකට ආසන්න කාලයක් තුළ ඉහළටම පැමිණ ඇති බැවින්, ඇමෙරිකානු ෆෙඩරල් මහ බැංකුව එලැඹෙන මාර්තු මස මුලදී පොලී අනුපාත ඉහළ නංවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

පාරිභෝගික මිල දර්ශකය (CPI) නොවැම්බර් මාසයේ දී 0.8%කින් ඉහළ යාමෙන් පසු පසුගිය මාසයේ 0.5%කින් වැඩි වූ බව එක්සත් ජනපද කම්කරු දෙපාර්තමේන්තුව බදාදා ප්‍රකාශ කළේය. දෙසැම්බර් සිට මාස 12 තුළ පාරිභෝගික මිල දර්ශකය 7%කින් ඉහළ ගියේය. එය 1982 ජූනි මාසයෙන් පසු වසරින් වසර විශාලතම වැඩිවීම ලෙස සටහන් වෙයි.

කොවිඩ්-19 වසංගතය සැපයුම් දාම කඩාකප්පල් කර ඇති බැවින් ආර්ථිකය ඉහළ උද්ධමනයක් අත්විඳිමින් සිටී. ඉහළ ජීවන වියදම එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්ගේ අනුමත ශ්‍රේණිගත කිරීම මත දැනටමත් දැඩි බරක් පටවා ඇත.

උද්ධමනය ෆෙඩරල් මහ බැංකුවේ 2%ක ඉලක්‌කයට වඩා බෙහෙවින් ඉහළින් පවතින අතර, වැටුප් පීඩනය මගින්ද උද්ධමනය ඉහළ නංවනු ලැබේ.



Recommended Articles