ඇමෙරිකා එක්සත් ජනපදය තුළ කොවිඩ්-19 ආසාදිතයන් 582,000ක් මේ වනවිට වාර්තා වන බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.
එරට තුළ මේ දක්වා සිදුව ඇති මරණ සංඛ්‍යාව 23,604ක් වන අතර, එරට නිව්යෝක් නගරයෙන් පමණක් මරණ 7,349ක් වාර්තා වීමද කැපී පෙනෙයි.
කෙසේ වෙතත් නව කොරෝනා වෛරසය ආසාදිතයන්ගෙන් එරට තුළ මේ දක්වා සුවය ලබා ඇත්තේ 43,738ක් තරම් සාපේක්ෂව ඉතා අඩු ප්‍රතිශතයක් පමණි.
ජෝන්ස් හොප්කින්ස් දත්තවලට අනුව ඇමෙරිකාව තුළ මේ දක්වා කොවිඩ්-19 පරීක්ෂණ 2,935,000ක් සිදුකර ඇත.