අනාගතයේදී ලෝකය ඒක ධ්‍රැවීය වෙමින්, එක්සත් ජනපදය ආධිපත්‍ය දරණු ඇති බව ලොව පුරා සිටින පුද්ගලයින්ගෙන් 6%ක් පමණක් විශ්වාස කරයි. කෙසේ වෙතත්, මෑතකදී සිදුවූ මත විමසුමකට අනුව 34%ක් වන විශාලතම කණ්ඩායම සිතන්නේ, බහුධ්‍රැව ලෝකයක් බොහෝ දුරට අපේක්ෂා කළ හැකිවීම හෙවත්, ලෝකය ඒක ධ්‍රැවීය වීම සිදුනොවනු ඇති බවයි.
චීන චින්තන පර්ෂදයක් සහ එරට Renmin විශ්වවිද්‍යාලයේ මහජන මත පිළිබඳ චීන ආයතනය විසින් පවත්වන ලද මෙම සමීක්ෂණයට එක්සත් ජනපදය, නවසීලන්තය, ජපානය, ඉන්දියාව, ඊජිප්තුව සහ නයිජීරියාව ඇතුළු රටවල් 22ක පුද්ගලයන් සම්බන්ධ කරගෙන ඇත.
එහිදී මානව හිමිකම් සම්බන්ධයෙන් චීනයේ ප්‍රවේශය බහුතරයක් අනුමත කර ඇති බවද මෙම සමීක්ෂණයට අනුව පෙනීගොස් තිබේ.
"චීනය සැමවිටම මානව හිමිකම්වලට යථාර්ථවාදීව සහ ප්‍රායෝගිකව සලකනවා. මානව හිමිකම් කිසිඳු රටක යථාර්ථයන් සහ සංවර්ධන අවධීන්ගෙන් වෙන් නොකළ යුතුයි. යැපුම් සහ සංවර්ධනය සඳහා ඇති අයිතිවාසිකම් වඩාත් මූලික වෙයනවා" යන ප්‍රකාශය සමග සමීක්ෂණයට ලක්වූ 57%ක් පමණ එකඟ වී තිබේ.