උතුරු කොරියානු න්‍යෂ්ටිකහරණ ක්‍රියාවලිය වෙත දාමරික ස්වරූපයේ උපක්‍රම ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ඔවුන්ට සිදුකරන බවට උතුරු කොරියාව චෝදනා කර තිබේ.
මෑතකදී සිදුවූ ඇමෙරිකාවේ සහ උතුරු කොරියාවේ ඉහළ මට්ටමේ සාකච්ඡාවකින් පසුව උතුරු කොරියාව මෙම චෝදනාව එල්ල කර ඇත.
එහිදී, ඇමෙරිකාව මෙම හමුවේදී දැක්වූ ආකල්පය ඔවුන්ට බලවත් හිසරදයක් වුවද, සාකච්ඡා මේසය ඉදිරියට පවත්වාගෙන යාමට කටයුතු කරන බව උතුරු කොරියාව පවසා තිබේ.
ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පිඕගේ උතුරු කොරියානු සංචාරයෙන් පසුව මෙම කතාබහ ඇති වී තිබෙන බව විදෙස් වාර්තා පවසයි.
ඇමෙරිකානු ජනපති සහ උතුරු කොරියානු නායකයා අතර සිංගප්පූරුවේදී සිදුවූ ඓතිහාසික හමුවෙන් පසුව ඇමෙරිකානු ඉහළ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු උතුරු කොරියාවේ සංචාරය කළ ප්‍රථම අවස්ථාවද මෙය වෙයි.
උතුරු කොරියාවේ න්‍යෂ්ටිකහරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සොයා බැලීම සහ එය කඩිනම් කරවීම පොම්පිඕගේ සංචාරයේ අරමුණ වී ඇත.
කෙසේ වෙතත්, ඇමෙරිකාව සිංගංප්පූරු සමුළුවේදී ඇති කරගත් අන්‍යෝන්‍ය විශ්වාසය කඩ කරමින්, ඒකපාර්ශ්වීයව බලපෑම් කිරීම කිසිසේත්ම අනුමත නොකරන බව උතුරු කොරියාව අවධාරණය කර තිබේ.