එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වීමට සැලසුම් කර ඇති පසුබිමක ජර්මනියේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ඊයේ (07දා) ලෝක සෞඛ්‍ය සංවිධානයට සහයෝගය පළ කරමින් ගෝලීය සහයෝගීතාව ඉල්ලා සිටියේය.
"මේ වෛරසය කිසිදු දේශ සීමාවක නතර වන්නේ නැහැ. එය දෘෂ්ටිවාදයන් ගැන තැකීමක් කරන්නේ නැහැ" ජර්මනියේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී රිකෙල්ෆ් බියුටින්, කොවිඩ් -19 හි අත්ලාන්තික් කවුන්සිලයේ සාකච්ඡාවකදී පැවසීය.
"අපට එය විසඳා ගත හැක්කේ, එය ජය ගැනීමෙන්ම පමණයි. මෙයින් අදහස් කරන්නේ රටවල් අතර සහයෝගීතාවය සහ අපගේ සමාජයන්හි සහයෝගිතාවයේ වැදගත්කමයි."
ඒ අනුව ජර්මනිය ලෝක සෞඛ්‍ය සංවිධානයට තවදුරටත් සහාය දෙන බව බියුටින් පැවසීය.
"මේ වසංගතයේ පූර්ණ බලපෑමක් හා පීඩාවක් ලෝකයටම ඇතිවී තිබෙන මොහොතක සංවිධානයට බාධා කිරීම හොඳ අදහසක් නොවන බව අපට හැඟී යනවා" බියුටින් වැඩිදුරටත් පැවසීය.