චීනය සිවිල් මෙහෙයුමක් සඳහා මිනිසුන් රහිතව ගුවන්ගත කළ බැලූනයකට ප්‍රහාර එල්ල කිරීම සඳහා එක්සත් ජනපද පාර්ශ්වය විසින් බලය යෙදවීම සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශය සිය දැඩි අතෘප්තිය සහ විරෝධය ප්‍රකාශ කළේය.
එක්සත් ජනපද හමුදා ප්‍රහාරක ජෙට් යානයක් සෙනසුරාදා දකුණු කැරොලිනා වෙරළට ඔබ්බෙන් ඉහළ අහසේදී මෙම බැලූනයට වෙඩි තබා බිම හෙළීය.
මෙම බැලූනය සිවිල් ස්වභාවයෙන් යුතු එකක් වන අතර, එය එක්සත් ජනපද ගුවන් සීමාවට ඇතුළු වීම සම්පූර්ණයෙන්ම හදිසි අනතුරක් බව ප්‍රකාශ කළ චීනය, ඒ බව සත්‍යාපනය කිරීමෙන් පසු නැවත නැවතත් එක්සත් ජනපද පාර්ශ්වයට දන්වා තිබුණත් එය විනාශ කළ බව සඳහන් කළේය.
කෙසේ වෙතත්, මෙම බැලූනය ඔත්තු බැලීමේ කාර්යයක් සඳහා තම දේශසීමාවට ඇතුළු වී ඇති බවට එක්සත් ජනපදය චෝදනා කළ අතර, එකී මතභේදාත්මක කාරණය මත ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ චීන සංචාරයද අවලංගු කෙරිණි.