නව කොරෝනා වෛරසය පැතිර යාමේ තර්ජනය හේතුවෙන් එක්සත් ජනපද රජය චීනයේ සංචාරය කිරීමට බලාපොරොත්තු වන සියලු ඇමෙරිකානුවන්ට ලබාදී ඇති උපදෙස් අතර එහි අනතුරු ඇඟවීම ඉහළම මට්ටමට ඔසවා තබයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ගෝලීය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කිරීමත් සමග රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් අතිශය භයානක අවස්ථා සඳහා නිකුත් කරන ලද “සංචාරය නොකරන්න” යන අනතුරු ඇඟවීම ප්‍රකාශයට පත්කර ඇත.
සිය යාවත්කාලීන කරන ලද උපදේශනයේදී රාජ්‍ය දෙපාර්තමේන්තුව කියා සිටියේ “සියලුම එක්සත් ජනපද වැසියන් අත්‍යවශ්‍ය නොවන කටයුත්තකට චීනයට සංචාරය කිරීම කල්දමන” ලෙසයි. පසුගිය සතියේ එම නිවේදනයෙන් එක්සත් ජනපද නිලධාරීන්ට සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට වුහාන් හැර යන ලෙස නියෝග කළේය.
මෙම අනතුරු ඇඟවීම සිව්-මට්ටමේ අනතුරු ඇඟවීමේ පද්ධතියේ ඉහළම අගය වන අතර, කලින් නිවේදනයේ සඳහන් වූයේ චීනයට යන සංචාර නැවත සලකා බලන ලෙසයි.
කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා මාධ්‍ය හමුවක් කැඳවමින් කියා තිබුණේ චීනය විසින් වෛරසය මැඬපැවැත්වීමට සුවිශේෂී ක්‍රියාමාර්ග ගෙන ඇති බැවින් එරට සංචාරය කිරීමට බිය නොවන ලෙසයි.