ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත රැසක යළිත් වෛරසය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින පසුබිමක ඇමෙරිකානුවන් තවදුරටත් මුඛ ආවරණ පැලඳීම ප්‍රතික්ෂේප කරන්නේ නම් ඔක්තෝබර් 01දා වනවිට කොවිඩ්-19 වෛරසයට ගොදුරුව ජීවිත 180,000ක් අහිමි වනු ඇති බව නවතම පුරෝකථනයකින් හෙළිවෙයි.
වොෂිංටන් විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රමිතික හා ඇගයීම් ආයතනයේ නවතම කොරෝනා වයිරස් ප්‍රක්ෂේපණයෙන් පෙන්නුම් කරන්නේ, දැනට යන තත්ත්වයේම ගොස් කිසිවක් වෙනස් නොවන්නේ නම් (සෞඛ්‍යාරක්ෂක ක්‍රම පිළිපදින්නේ නැති නම්) ඔක්තෝබර් 1දා වනවිට ඇමෙරිකානුවන් 179,106 ක් මිය යන බවයි.
කෙසේ වෙතත් ඇමරිකානුවන්ගෙන් 95% ක් ප්‍රසිද්ධියේ මුඛ ආවරණ පැළඳීමට පටන් ගන්නේ නම් එම සංඛ්‍යාව 146,000ක් දක්වා පහත වැටෙනු ඇතැයි ආදර්ශයෙහි අනාවැකි පළ කර තිබේ.
මීට පෙර ජුනි 15 වැනි දින ප්‍රකාශයට පත් කරන ලද මෙම පුරෝකථනය ඔක්තෝබර් 1දා වනවිට මරණ 201,129ක් ක් පුරෝකථනය කර තිබුණි.