මූල්‍ය සේවා සම්පාදනය කරන කැපිටල් වන් සමාගමේ ගනුදෙනුකරුවන් මිලියන 106කගේ පෞද්ගලික දත්ත හැකර් ප්‍රහාරයකින් සොරාගෙන ඇති බව එම සමාගම අනාවරණය කරයි.
එක්සත් ජනපදය සහ කැනඩාව ආශ්‍රිත ගනුදෙනුකරුවන්ගේ දත්ත මේ ආකාරයෙන් හැකර් ප්‍රහාරයේදී සොරාගෙන ඇත.
මෙම ප්‍රකාශය අදාළ සමාගම විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන ලද්දේ අදාළ හැකර්කරු පොලිස් අත්අඩංගුවට පත්වීමත් සමගිනි.
කැපිටල් වන් සමාගමට අනුව ඔවුන්ගෙන් ක්‍රෙඩිට් කාඩ් පහසුකම් සඳහා ලියාපදිංචි වී සිටි ගනුදෙනුකරුවන්ගේ පෞද්ගලික දත්ත අතර වන ඔවුන්ගේ නම්, ලිපින, දුරකථන අංක මෙසේ සොරාගැනීමට ලක්ව තිබේ.
කෙසේ වෙතත්, ඔවුන්ට සිය ගනුදෙනුකරුවන්ගේ ක්‍රෙඩිට්කාඩ් අංක වෙත පිවිසීමට හැකියාවක් ලැබී නොමැති බව ඔවුන් වැඩිදුරටත් අනාවරණය කරයි.