එක්සත් ජනපදයේ ෆෙඩරල් සංචිත බැංකුව විසින් මෙම බදාදා වසර 14කින් ඉහළම මට්ටමට පොලී අනුපාතය ඉහළ නංවා තිබේ.
එසේම අඛණ්ඩව තෙවැනි වරටත් පොලී අනුපාත ඉහළ දැමීම හරහා ලෝක ආර්ථිකයටද එම කම්පන තරංග පැමිණිය හැකි බව කියැවෙයි.
දශක හතරක් තුළ එක්සත් ජනපදයේ පවතින ඉහළම උද්ධමන තත්ත්වය පහත හෙළීම අරමුණු කරමින් මේ ආකාරයෙන් පොලී අනුපාත ඉහළ දැමීම සිදුවෙයි.