ඇමරිකානු ළමා රෝග පිළිබඳ ඇකඩමියේ (AAP) සහ ළමා රෝහල් සංගමයේ නවතම වාර්තාවට අනුව, වසංගතය ආරම්භයේ සිට එක්සත් ජනපදයේ මිලියන 14කට අධික ළමයින් කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්ෂා කර ඇත.
ජූලි 21න් අවසන් සතිය තුළ ළමා කොවිඩ්-19 ආසාදිතයන් 92,000ක් පමණ වාර්තා වී ඇති අතර, එය වාර්තා වූ රෝගීන්ගේ අඛණ්ඩ දෙවැනි සතිපතා වැඩිවීම බව වාර්තාවේ දැක්වේ.
"ඔමික්‍රොන් උච්ඡතම අවස්ථාවේ සිට වාර්තා වූ නව ළමා රෝගීන් සැලකිය යුතු ලෙස අඩු වී තිබෙනවා. නමුත්, වසරකට පෙර එනම් 2021 ජූලි 22 වැනි දිනට වඩා ළමා රෝගීන් 39,000ක් වාර්තා වූවාට වඩා බොහෝ සෙයින් මේ අගය වැඩියි" AAP පවසයි.
එක්සත් ජනපදයේ පසුගිය සති හතර තුළ ළමා කොවිඩ්-19 රෝගීන් 311,000 කට වඩා එකතු වී ඇති අතර 2022 දී වාර්තා වූ රෝගීන් මිලියන 6.1ක් පමණ එකතු වී ඇත.
"නව ප්‍රභේදවලට අදාළ රෝගවල බරපතලකම මෙන්ම දිගු කාලීන බලපෑම් තක්සේරු කිරීම සඳහා වඩාත් වයස්-විශේෂිත දත්ත එකතු කිරීමේ හදිසි අවශ්‍යතාවයක් පවතී" යනුවෙන් AAP පවසයි.
"ළමා සෞඛ්‍යයට වසංගතයේ ක්ෂණික බලපෑම් ඇති බව හඳුනා ගැනීම වැදගත් වෙනවා. නමුත් වැදගත් ලෙස අපි මෙම දරුවන්ගේ සහ තරුණ පරම්පරාවේ කායික, මානසික සහ සමාජීය යහපැවැත්මට දිගුකාලීන බලපෑම් හඳුනාගෙන ඒවාට විසඳුම් ලබා දිය යුතුයි." එය වැඩිදුරටත් පවසා ඇත.
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්තවලට අනුව, එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව පසුගිය බදාදා මිලියන 90ක් ඉක්මවූ අතර මරණ මිලියනයකට වඩා ඉහළ ගියේය.
ලෝකයේ වැඩිම රෝගීන් සහ මරණ සමග වසංගතයෙන් දරුණු ලෙස පීඩාවට පත් වූ රට ලෙස රට ලෙස තවමත් ඇමෙරිකාව ඉදිරියෙන්ම සිටියි.