බටහිර පැසිෆික් සාගරයේදී එක්සත් ජනපද යුද නෞකාවක් සහ රුසියානු යුද නෞකාවක් එකිනෙක ඝට්ඨනයක් සිදුවන සීමාවට පැමිණ ඇති අතර, මෙම සිදුවීම සම්බන්ධයෙන් මෙම රාජ්‍යයන් දෙකම එකිනෙකාට චෝදනා කරමින් සිටියි.
රුසියානු පැසිෆික් නෞකා බලඇණිය චෝදනා නගන ආකාරයට, යූඑස්එස් චාන්සලර්ස්විල්ලේ යුද නෞකාව ඔවුන්ගේ අද්මිරාල් විනොග්‍රඩෝව් යුද නෞකාවට මීටර් 50ක් පමණ ආසන්නයෙන් ගමන් කර තිබේ.
මොස්කව් වේලාවෙන් පෙ.ව.6.35ට පමණ මෙම නෞකා දෙක එකිනෙක ඝට්ඨනය වන සීමාවට පැමිණි බවද රුසියාව පවසා සිටියි. මේ අවස්ථාවේදී කඩිනමින් ක්‍රියාත්මක වෙමින් හදිසි සීරුමාරු කිරීම් සමග සිය නෞකාව ඇමෙරිකානු යුද නෞකාවේ ගැටීම වැළැක්වූ බවද රුසියාව කියයි.
කෙසේ වෙතත්, ඇමෙරිකාව මේ සම්බන්ධයෙන් මීට වඩා වෙනස් කතාවක් පවසමින්, මෙය සම්පූර්ණයෙන්ම රුසියානු යුද නෞකාව විසින් ඇමෙරිකානු යුද නෞකාව වෙත හිතාමදා ඝට්ඨනයක් ඇති කිරීමට උත්සාහ කළ බව කියයි.
එක්සත් ජනපද හත්වැනි නාවික බලඇණියේ අණදෙන නිලධාරී ක්ලෙයිටොන් ඩොස් පවසන්නේ රුසියානුවන් ඉතාම අනතුරුදායක ලෙස හා වෘත්තීයභාවයකින් තොරව ඔවුන්ගේ යුද නෞකාව ඇමෙරිකානු යුද නෞකාව දෙසට හැසිරවූ බවයි.
ඇමෙරිකාව සහ රුසියාව අතර පවතින මත ගැටුම් හා බල අරගලයේ තවත් එක් උණුසුම් අවස්ථාවක් ලෙස මෙය ජාත්‍යන්තර විචාරකයන් පෙන්වා දෙන අතර, මෙය ඔවුන් දෙපාර්ශ්වයම තම තමන්ගේ බලය පෙන්වීමට ගත් උත්සාහයක් විය හැකි බවත් කියයි.