ඇමෙරිකානු සෞඛ්‍ය සේවා සඳහා හුදකලාව කෙටි කරයි


ඇමෙරිකා එක්සත් ජනපදයේ නව කොවිඩ්-19 ආසාදන වැඩිවීම සහ රෝහල් ගතවීම් හේතුවෙන් රෝහල් කාර්ය මණ්ඩල හිඟය මඟහැරවීමට, එක්සත් ජනපදයේ රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථාන (CDC) විසින් කොවිඩ්-19 ආසාදිත සෞඛ්‍ය සේවකයින් සඳහා හුදකලා කාල සීමාවන් කෙටි කර තිබේ.

CDC බ්‍රහස්පතින්දා සිය මාර්ගෝපදේශ සංශෝධනය කරන ලද අතර, රෝග ලක්ෂණ නොමැති සෞඛ්‍ය සේවකයින් දින හතකට පසුව සෘණාත්මක පරීක්ෂණයක් සිදුකර නැවත සේවයට පැමිණෙන ලෙස නිර්දේශ කරමින්, කාර්ය මණ්ඩල හිඟයක් තිබේ නම් හුදකලා කාලය තවදුරටත් කපා හැරිය හැකි බව දන්වා තිබේ.

බූස්ටර ඇතුළු සියලුම නිර්දේශිත එන්නත් මාත්‍රා ලබාගත් වෘත්තිකයන්ට නිවසේ නිරෝධායනය වීමට අවශ්‍ය නොවන බවද ඒජන්සිය පැවසීය. කෙසේ වෙතත් නව මාර්ගෝපදේශ රෝගීන්ගේ රැකවරණය සඳහා සෘජුවම සම්බන්ධ වන සියලුම සෞඛ්‍ය සේවා පහසුකම් සඳහා අදාළ වේ. එයට රෝහල්, සාත්තු නිවාස, දන්ත වෛද්‍ය මධ්‍යස්ථාන සහ වෙනත් වෛද්‍ය ස්ථාන ඇතුළත් වේ.



Recommended Articles