ඇමෙරිකානු සතිපතා අසාදන සියයට 73ක්ම ඔමික්‍රෝන්ලු


දෙසැම්බර් 18න් අවසන් වූ සතිය සඳහා අනුක්‍රමික දත්ත මත පදනම්ව එක්සත් ජනපද කොරෝනා වෛරස් ආසාදනවලින් 73%ක් සඳහා ඔමික්‍රොන් ප්‍රභේදය හේතු වී ඇති බව එක්සත් ජනපද රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථාන (CDC) ප්‍රකාශ කරයි.

විශේෂයෙන්ම ඔමික්‍රෝන් ප්‍රභේදය මගින් ඇති කරන ලද ආසාදන අවස්ථා දෙසැම්බර් 11න් අවසන් වූ සතියේ සියලුම ආසාදන රෝගීන්ගෙන් 12.6% සිට දෙසැම්බර් 18න් අවසන් වූ සතිය තුළ මෙසේ 73.2%ක් දක්වා ඉහළ ගොස් ඇති බව CDC දත්ත වැඩිදුරටත් පෙන්වා දෙයි.

එසේම ගෙවුණු දෙසැම්බර් 4න් අවසන් වූ සතිය තුළ ඔමික්‍රෝන් හි සියලුම ආසාදන, සමස්ත රෝගීන්ගෙන් 0.7%ක් පමණි.

ඒ අනුව, ඔමික්‍රෝන් ප්‍රභේදය රට පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව මෙම දත්ත පිළිබිඹු කරන අතර, සඳුදා වනවිට අවම වශයෙන් එක්සත් ජනපද ප්‍රාන්ත 48කින් එය සොයාගෙන ඇත. රටේ පළමු වැනි ඔමික්‍රෝන් කැලිෆෝනියාවේ දී අනාවරණය විය.



Recommended Articles