ඇමෙරිකානු සංචාරයක යෙදෙන ඉම්රාන් සහ ට්‍රම්ප් අතර හමුවක්


එක්සත් ජනපදයේ නිල සංචාරයක යෙදෙන පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ධවල මන්දිරයේදී ඇමෙරිකානු නායක ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවී තිබේ.

ඇෆ්ගනිස්තාන අර්බුදය හමුවේ බිඳ වැටී ඇති ඇමෙරිකානු - පාකිස්තාන සබඳතා තර කර ගැනීම මෙම සංචාරයේ අරමුණ බව කියැවෙයි.

පසුගිය වසරේ සිට ඇමෙරිකානු නායකයා පාකිස්තානයට ලබාදෙන ආරක්ෂක ආධාර අඩු කිරීමට කටයුතු කරනු ලැබුවේ පාකිස්තානය බොරු කියන බව පවසමිනි.

කෙසේ වෙතත්, පසුගිය වසරේ මහ මැතිවරණය ජයග්‍රහණය කිරීමත් සමග ඇමෙරිකාම සමග අන්‍යෝන්‍ය සබඳතා තරකර ගැනීමට කටයුතු කරන බව ඉම්රාන් ඛාන් පවසා සිටියේය.

මෙම සංචාරය අතරතුර පාකිස්තාන නායකයා එරට සිටින මුස්ලිම් ප්‍රජාව මෙන්ම, මුස්ලිම් ව්‍යාපාරිකයන්ද හමුවී සාකච්ඡා කර ඇති අතර, පාකිස්තානය තුළ නව ආයෝජන අරඹන ලෙසද ඔවුන්ගෙන් ඉල්ලීම් කර තිබේ.



Recommended Articles