මධ්‍යම ඇමෙරිකානු රාජ්‍යයන් වෙත බදු පැනවීම් සිදුකරන බවට ට්‍රම්ප් කළ තර්ජනයන් සමග සංක්‍රමණ පිළිබඳ ගිවිසුමකට ඇමෙරිකාව සමග අත්සන් කිරීමට ග්වතමාලාව කටයුතු කර තිබේ.
මෙම ගිවිසුම යටතේ, එල් සැල්වදෝර් සහ හොන්ඩියුරාස් සිට ග්වමාලාව පසුකමින් යන සංක්‍රමණිකයන් එහිදී නතර කළ යුතු අතර, ඔවුන්ගේ සැබෑ සරණාගතභාවය සම්බන්ධයෙන් එහිදී අධ්‍යයනයක් සිදුකළ යුතුය.
එමෙන්ම, මෙම එකඟත්වය තුළ ග්වතමාලාවේ ගොවි කම්කරුවන්ට ඉතා පහසුවෙන් ඇමෙරිකානු ගොවිපොළවල සේවය සඳහා පැමිණීමට අවස්ථාව සැලසෙන බව ට්‍රම්ප් කියයි.
මෙම ගිවිසුම වසර දෙකකින් අවසන් වන අතර, සෑම මාස තුනකට වරක්ම එය නිරීක්ෂණයකට ලක්වන බව ග්වතමාලා බලධාරීහු පවසති.