එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණයේ වඩාත් පළපුරුදුම විනිසුරුවරිය ලෙස සැලකෙන රූත් බාඩර් ගින්ස්බර්ග් හදිසියේ අසනීප වී රෝහල්ගත කර තිබේ.
එරට ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනය කරමින් කියා තිබුණේ අධික උණ තත්ත්වයක් හේතුවෙන් ඇය රෝහල්ගත කළ බවයි.
86 වැනි වියෙහි පසුවන ගින්ස්බර්ග් පසුගිය සිකුරාදා වොෂිංටනයේ සිබ්ලේ සැමරුම් රෝහල වෙත ඇතුළත් කර තිබුණු අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ජෝන්ස් හොප්කින්ස් රෝහල වෙත මාරුකර යවා තිබුණි.
දැනට එරට ශ්‍රේෂ්ඨාධිකරණයේ කටයුතු කරන වයෝවෘද්ධම තැනැත්තියද වන ඇය මෙම වසරේ අවස්ථා කිහිපයකදීම ප්‍රතිකාර ලබාගත්තාය.
පසුගිය අගෝස්තුවේදී ඇය සිය අගන්‍යාශයේ ඇති වූ පිළිකාවක් හේතුවෙන් රෝහල්ගතව සිටි අතර, 1999 දී මහා අන්ත්‍රයේ ඇති වූ පිළිකාවකටද ප්‍රතිකාර ගෙන තිබුණි. එමෙන්ම 2018 වසරේදී සිය පෙනහලුවල ඇතිවෙමින් පැවති පිළිකා ස්වරූපයේ කුඩා ගැටිති ද්විත්වයක් ඉවත් කිරීමේ සැත්කමකටද භාජනය විය. ඇයගේ ඉල ඇට බිඳීමක් සිදුව තිබුණේ ඇද වැටීමක් නිසාය. මේ ආකාරයෙන් රෝගාබාධ රැසකින් පීඩා වින්ඳද ඇය තවමත් තම රාජකාරිය අකුරට ඉටුකරන විනිසුරුවරියක් ලෙස ප්‍රකටය.