ඇමෙරිකානු විද්‍යාගාරවලටත් WHO විමර්ශන ඕනෑ - චීනය


නව කොරෝනා වෛරසය මූලාරම්භ කතාවේදී විද්‍යාගාර කාන්දු උපකල්පනය බැහැර නොකළ යුතු බවට එක්සත් ජනපදය අවධාරනය කරන්නේ නම්, ඔවුන් ආදර්ශයක් ලබා දෙමින්, එරට ෆෝර්ට් ඩෙට්‍රික් සහ උතුරු කැරොලිනා විද්‍යාගාර පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට ලෝක සෞඛ්‍ය සංවිධානයට ආරාධනා කළ යුතු බව චීන විදේශ අමාත්‍යාංශය පවසයි.

විදේශ අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වන ෆු කොන්ග් බීජිංහි පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ වුහාන් වෛරස් විද්‍යා ආයතනයට මේ වනවිටත් දෙවරක්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිරීක්ෂකයන් සාධාරණ හා යුක්තිය පසිඳලීම සඳහා පැමිණ ඇති බැවින්, එක්සත් ජනපද ආයතන ගැනද සොයා බැලිය යුතුයි.

ෆෝට් ඩෙට්‍රික් සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනතාව ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව බොහෝ කලක සිට දැඩි කනස්සල්ලට පත්ව සිටි බවයි. එය එක්සත් ජනපදයේ ජෛව මිලිටරි ක්‍රියාකාරකම්වල කේන්ද්‍රස්ථානය වන අතර, බෝවන රෝග පිළිබඳ එක්සත් ජනපද හමුදා වෛද්‍ය පර්යේෂණ ආයතනයද වෙයි. එක්සත් ජනපද රජයේ අඳුරුතම අත්හදා බැලීම්වල මධ්‍යස්ථානය ලෙස මෙය සැලකෙයි.

එක්සත් ජනපදයේ උතුරු කැරොලිනා විශ්ව විද්‍යාලයේ බැරික් කණ්ඩායම වෛරස ක්‍ෂේත්‍රය තුළ පර්යේෂණ සඳහා ලොව ඉදිරියෙන්ම සිටින අතර, කොරොන වෛරසය සංස්ලේෂණය කිරීමට සහ වෙනස් කිරීමට දැනටමත් දියුණු හැකියාවන් ඔවුන් සතුව ඇති බව කියයි . ඒ අනුව මෙම විද්‍යාගාරය පිළිබඳ මනා පරීක්ෂණයක් සිදු කිරීමෙන්ද, එවැනි පර්යේෂණ හරහා SARS-CoV-2 වෙත මඟ පෑදුවේද යන්න පිළිබඳ පැහැදිලි කර ගත හැකි බවද චීනය පවසයි.



Recommended Articles