චීන රජයේ අවසරයකින් තොරව දකුණුචීන මුහුදේ ෂීෂා දූපත්වලට ඔබ්බෙන් එක්සත් ජනපදයේ විනාශකාරී යූඑස්එස් බෙන්ෆෝල්ඩ් නෞකාව යාත්‍රා කරමින් තිබූ බවත්, චීන ආරක්ෂක අංශක එය නිරීක්ෂණය කර අනතුරු ඇඟවීම් නිකුත් කළ බවත් චීන මහජන විමුක්ති හමුදාව අවධාරණය කරයි.
එක්සත් ජනපද හමුදාවේ ක්‍රියාව චීනයේ ස්වෛරීභාවය සහ ආරක්ෂක අවශ්‍යතා උල්ලංඝනය කර ඇති අතර, දකුණුචීන මුහුදේ සාමය සහ ස්ථාවරත්වය අඩපණ කරමින්, ජාත්‍යන්තර සබඳතා පාලනය කරන ජාත්‍යන්තර නීතිය සහ සම්මතයන් උල්ලංඝනය කිරීමක් බව චීන මහජන විමුක්ති හමුදාවේ දකුණු විධානයේ ප්‍රකාශක ටියැන් ජුන්ලි නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
"එක්සත් ජනපදය සෑම අර්ථයකින්ම දකුණුචීන මුහුදේ ආරක්ෂාවට අවදානම් සාදන්නෙකු සහ කලාපීය සාමය සහ ස්ථාවරත්වය විනාශ කරන්නෙකු බව කරුණු නැවත වරක් ඔප්පු කර තිබෙනවා" ටියැන් පැවසීය.
ජාතික ස්වෛරීභාවය සහ ආරක්ෂාව සහ දකුණුචීන මුහුදේ සාමය සහ ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සඳහා චීන හමුදා විධානය සෑමවිටම සීරුවෙන් සිටින බවද ඔහු පැවසීය.