කළු මුහුද හරහා පියාසර කළ එක්සත් ජනපද ගුවන් යානා 4ක් නිරීක්ෂණය කරමින් ඒ පසුපස යාමට රුසියාව ප්‍රහාරක ජෙට් යානා දෙකක් යැවූ බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
රුසියානු ප්‍රහාරක කණ්ඩායම් විසින් එක්සත් ජනපද ගුවන් හමුදාවේ සුපර්සොනික් බී-1 බී බෝම්බ හෙළන යානා දෙකක් සහ කේසී -135 ඉන්ධන පිරවුම් ගුවන් යානා දෙකක් මෙසේ හඳුනාගෙන ඇත.
ඒ අනුව විදේශීය ගුවන් යානා රුසියාවේ රාජ්‍ය දේශ සීමාවෙන් ඉවතට හරවා යැවීමෙන් පසු රුසියානු ප්‍රහාරක යානා ආරක්ෂිතව ආපසු සිය ගුවන් කඳවුරට පැමිණි බවද රුසියාව පවසයි.