ඇමෙරිකානු මිසයිලවලින් ක්‍රිමියාවට තර්ජනය කරයි


ක්‍රිමියා අර්ධද්වීපය රුසියාවේ තීරණාත්මක හමුදා මධ්‍යස්ථානයක් බව යුක්රේනයේ හමුදා බුද්ධි අංශ විශ්වාස කරමින් මෙම තර්ජනය සිදුකර තිබේ.

ඒ අනුව, ක්‍රිමියානු අර්ධද්වීපය බටහිර විසින් සපයනු ලබන දිගුදුර ආයුධ සඳහා නීත්‍යානුකූල ඉලක්කයක් ලෙස සලකන බව යුක්රේනයේ ආරක්ෂක අමාත්‍යාංශයේ බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රකාශක වඩීම් ස්කිබිට්ස්කි පවසයි.

ක්‍රිමියාවට පහර දීම සඳහා යුක්රේනයට එක්සත් ජනපදයේ නිෂ්පාදිත М142 HIMARS සහ M270 MLRS බහු දියත් රොකට් පද්ධති භාවිත කළ හැකිදැයි විමසූ විට ඔහු මෙසේ පවසා සිටියේය.

"අද වනවිට ක්‍රිමියානු අර්ධද්වීපය රුසියානු සමූහාණ්ඩුවේ සිට අපේ ප්‍රාන්තයේ දකුණට පැමිණෙන සියලුම උපකරණ සහ ආයුධ චලනය කිරීමේ කේන්ද්‍රස්ථානයක් බවට පත්ව තිබෙනවා." ස්කිබිට්ස්කි පැවසීය.



Recommended Articles