ඇමෙරිකානු මිෂනාරිවරු හයිටියේදී පැහැර ගැනේ


එක්සත් ජනපදයේ සහ කැනඩාවේ මිෂනාරිවරුන් 17දෙනෙකු හයිටි රාජ්‍යයේදී පැහැර ගැනීමකට ලක්ව ඇති අතර, ඔවුන්ගෙන් සමහරක් බාල වයස්කරුවන්ද බවද එම රටවල ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යාංශ පවසයි.

"එක්සත් ජනපද පුරවැසියන් 16 දෙනෙකු සහ එක් කැනේඩියානු පුරවැසියෙකුගෙන් සමන්විත කණ්ඩායමට පිරිමින් පස් දෙනෙකු, කාන්තාවන් හත් දෙනෙකු සහ දරුවන් පස් දෙනෙකු ඇතුළත් වෙනවා" එම අමාත්‍යාංශ නිකුත් කළ නිවේදනයක දැක්වේ.

"අපි විසඳුමක් සඳහා දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම සොයන අතර, බලධාරීන්ද උදව් කිරීමට මාර්ග සොයමින් සිටිනවා" එහි වැඩිදුරටත් දැක්වෙයි.

මෙම පැහැර ගැනීම ප්‍රාදේශීය ආයුද සන්නද්ධ කල්ලියක සාමාජිකයින් විසින් සිදුකළ බව පවසන හයිටි ආරක්ෂක අංශ ආරංචි මාර්ගයක් අනුව පරීක්ෂණයක් පැවැත්වෙමින් පවතී. පැහැර ගැනීම සම්බන්ධයෙන් සොයා බැලීමට හයිටි බලධාරීන් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව හා සම්බන්ධ වී සිටින බව එරට විදේශ ඇමති ක්ලෝඩ් ජෝශප් පැවසීය.

හයිටියේ ආගම පැතිරවීම සඳහා පැමිණි මෙම මිෂනාරිවරුන් ක්‍රොයික්ස් ඩෙස් බුකට්ස් ප්‍රදේශයේ ළමා නිවාසයක් නැරඹීමෙන් පසු සෙනසුරාදා වාහනයෙන් පෝට්-ඕ-ප්‍රින්ස් අගනුවරට උතුරින් පිහිටි ටයිටැනියන් වෙත ගමන් කරමින් සිටියදී මෙසේ පැහැර ගැනීමට ලක්විය.



Recommended Articles